කල්පිටි දුපත් වැසියෝ ප්‍රවාහන පහසුකම් ඉල්ලති



 
(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය අර්ධ දීපයට අයත්,දූපත් ඡන්ද දායකයින්ට සිය ඡන්දය පාවිච්චි කිරීම  සඳහා පැවැත්වෙන එකම ඡන්ද මධ‍්‍යස්ථානය වන මොහොත්තුවාරම ඡන්ද  මධ්‍යස්ථානයට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලෙස දූපත්වාසී  ඡන්ද දායකයෝ බලධරයන්ගෙන් ඉල්ලා සිටිති. 

කල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාලව පල්ලිය වත්ත (අංක එක) කොට්ඨාසයේ, ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1666 කි.මෙම ඡන්ද කොට්ඨාසයට පල්ලිය වත්ත,මොහොත්තුවාරම සහ පුදු කුඩිරිප්පු යන ග්‍රාම සේවා වසම් අයත්වේ.

උච්චිමුණේ දූපතේ සිට මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථානයට ගොඩබිම වැලිපර ඔස්සේ කිලෝ මීටර 20 ක පමණ දුරක් ඇති බවයි.

මෙම මාර්ගයේ ගමන් කළ හැක්කේ ට්‍රැක්ටර වලට පමණක් වන අතර, ඒ සදහා ප්‍රවාහන වියදම් රුපියල් 10,000ක් පමණ වන බවයි.

කලපුව ඔස්සේ දූපත් අතර දුර කිලෝ මීටර 12ක් පමණ වන අතර බෝට්ටු මගින් ගමන් ගැනීමේදී රුපියල් 3000/- ක පමණ වියදමක් වන බව මොහොත්තුවාරම ඒ.එම්.අයුබු මහතා  පවසයි.