( නිමන්ති රණසිංහ)
පාරිසරික වාර්තාවක් සදහා අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගත් බව කියන කල්කුඩා පොලිසියේ හිටපු වැඩ බලන ස්ථනාධිපතිවරයා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කළ පාසල පිටුපස, බැඳිවැව, පොලොන්නරුව ලිපිනයෙහි පදිංචි කල්කුඩා පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු වු මිලෙන්ති ඉන්දුක සිල්වා නැමැත්තා ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හො දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබුණේ අංක 28 එස්වැල්ල, නයිවල, වේයන්ගොඩ පදිංචි හෙන්දවිතාරණගෙ සමන්ත චාමින්ද නැමැති වියාපාරිකයා විසින් ඉකුත් ජුලි මස 10 වැනිදාය.
තමාට අයත් ආරෝග්‍ය පුද්ගලික සමාගම මගින් අන්තෝනියා කෝවිල පාර, කල්කුඩා යන ලිපිනයෙහි ගඩොල් කැපීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිම සඳහා අවශ්‍ය බලපත්‍ර සූදානම් කරගැනීමට යෑමේදී පොලිස් සහතිකයක් ගැනීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැමිණිල්ල සඳහන් කර ඇත.