(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ ප්‍රථම වරට සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියකදී පදක්කම් දිනු කසුනි දේශානි දැරිය ජයග්‍රහණය කළ පදක්කම් පාසලේ ආරක්ෂිත රාක්කයක තිබියදි කිසියම් පිරිසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
දිවයිනේ පාසල් රැසක් අභිබවමින් 2017 වසරේ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය සමග රන් පදක්කම දිනා ගැනිමට පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ අට ශ්‍රේණියේ පි.එස් . කසුනි දේශානි දැරිය සමත් වුවාය.
එසේ ලබා ගත් රන් පදක්කම ඇතුළු සහතික සියල්ල පාසලේ රාක්කයක් තුළ ආරක්ෂීතව තිබියදි පසුගිය 29වැනිදා රාත්‍රියේ වහලයේ උළු ඉවත් කරමින් ඉන් පසුව සිවිලිමද කඩා දමා කාර්යාලයට කඩා වැදි ඇති කිසියම් පිරිසක් එහි රාක්කවල ඉබි යතුරු කඩා දමා පදක්කම් සමග එම කාර්යාලයේ තිබූ රුපියල් 4000 කට ආසන්න මුදලක් ද සොරා ගෙන ඇතැයි වාර්තා වේ.





