කලවානේ රාජ්‍ය බැංකුවක් වසාදමයි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු ශාඛාව වසාදැමීමට  බැංකු කළමනාකාරීත්වය අද (16) තීරණය කර ඇත.

එම බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ පහසුව සදහා ජංගම රථයක් අද (16)  බැංකු ශාඛාව අසල යොදවා ඇති බවත්, එම ශාඛාව විශබීජහරණයෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවත් එම බැංකු කළමනාකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ.