කලවම් පොහොර වෙළඳපොළේ


(විනීතා එම් ගමගේ)

අපද්‍රව්‍ය මුසු වූ හා කවලම් වූ පොහොර වෙළඳ පොළට පැමිණ ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

විශේෂයෙන්  කල් ඉකුත් වූ පොහොර, පස් හා වැලි වැනි දෑ මිශ‍්‍ර කරමින් පොහොර මලු සකසා මෙසේ අලෙවිකරන බව ද හෙතෙම සඳහන් කළේය. 

මූලික පොහොර මිටියක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 2500 ක් ලෙස පාලන මිලක් ඇති බැවින් පොහොර වර්ග කවලම් කර මිශ‍්‍ර පොහොර ලෙස නම් කර රුපියල් 3500 වැනි ඉහළ මිලකට විකුණන බව වෙළඳ පොලේ  කළ සංචාරයකදී දුටු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීපයට අද(25) පැවැසීය.

යූරියා, එම් ඕපී හා  පීඑස්පී යන පොහොර වර්ග තුන සඳහා පාලන මිල  පවතින නමුත් ඒවා කවලම් කොට විකුණද්දි එම පාලන මිල බල නොපාන බැවින් මෙසේ කවලම් කර විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කරනු විය හැකි බව ද ඔහු කීය.