කලවංචිකුඩි අධිකරණ ගබඩාවේ තිබු කෝටියක රන් බඩු සොරාගෙන


(ඉන්දිකා රාමනායක)

කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට අධික වටිනා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  එම අධිකරණයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව කලවාංචිකුඩි පොලිසිය පවසයි.

සැකකරු විසින් නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ  ග්‍රෑම් 350 ක් බරකින් යුත් රත්තරන් ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 

ඉහත රන් භාණ්ඩ නඩුවේ පැමිණිලිකරු විසින් තම නඩුවට අදාළව නඩු භාණ්ඩ  ගබඩාවේ තිබූ. රත්තරන් ප්‍රමාණය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට  ඊයේ  (20) මේ සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසියට පැමිණිල්ලක් සිදුකර කළ බව පොලිසිය පවසයි. 

එම පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා  වාලච්චෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන  ඉහත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.  මෙම රන් බඩු ආකාරයෙන් රැගෙන ගිය ආකාරය  මෙතෙක් අනාවරණය වී නොමැත.