කලබල කළොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා


(නිමල කොඩිතුවක්කු)

පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත්  ඉන්ධන බොදාහැරීමේ සේවාවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම්  ශාන්ත  සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ටැංකි රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් ඔහු සඳහන් කලේය.

මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ශාන්ත  සිල්වා මහතා පැවසීය.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වලට පෙට්රල් බෙදාහැරීමේ කටයුතු උපරිම ධාරිතාවකින් යුතුව අද (23) දිනයේ සිදුකළ බව ඔහු කීවේය.