කලබල අස්සේ වත්තක් වනසයි


කලබල පැවැති දිනවල බේරුවල බදනාගොඩ අක්කර පහක ඉඩමකට බලෙන් පැන  රබර් ගස් 165 ක් හා තේක්ක ගස් 24 ක් කපා  දැමු පුද්ගලයෙක්  කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

ජී ඒ චමින්ද ගුණරත්න නම් වු එම පුද්ගලයා තම ඉඩමට රුපියල් ලක්ෂ නවයක අලාභයක්  සිදු කළ බව පැමිණිල්ලේ සදහන් වේ .