(දසුන් රාජපක්ෂ)
හිටපු නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරූ පරණවිතාන මහතාට ලබන සැප්තැම්බර් 9 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (25) නියම කළේය.
එමෙන්ම රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ රවී ජයවර්ධන සහ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ සුනිල් ශාන්ත යන මහත්වරුන්ට ද ලබන සැප්තැම්බර් 15 වැනි දින මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට උපාලි අබේරත්න මහතා නියම කළේය.
රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ විමල් රූබසිංහ මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලක් අද (25) යළි කැඳවූ අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.
කරූ පරණවිතාන , රවී ජයවර්ධන සහ සුනිල් ශාන්ත යන මහත්වරු මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවෝ ලෙස නම් කොට සිටිති.

