බස්නාහිර පළාත් සභාවට තරඟ කරන අපේක්ෂකයන් තිදෙනකුට ආධාර පිණිස කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගමන් කළ එජාප පෙළපාළියක බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශන පොලිස් අණින් ඉවත් කිරීම එජාප නායක මණ්ඩල සභාපති කරුජයසුරිය මහතා එකඟ විය.
පිළියන්දල පොලිස් ස්ථානාධිපති සෝමරත්න එදිරිමුණි මහතා ඔවුන් කරන වරඳ පෙන්වා දුන් විට ජයසුරිය මහතා එය පිළිගත්තේය.

