(එච්. චන්දන )
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 500 ක් රැගෙන යතුරු පැදියකින් ගමන් ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක අංශය කියයි.
සැකකරු හෙරෝයින් මත් කුඩු රැගෙන ගිය යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
හෙරෝයින් මත් කුඩු සමග අත්අඩංගුවට සැකකරු සහ ඔහු සතුව තිබූ මත් කුඩු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දීමට වැටලීම කළ කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.

