කරුණානිධිගෙන් යළිත් බාල්දියක්


ශ්‍රී ලංකාව  සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාව සංශෝධනය කිරීමට ඇමෙරිකාව ගෙන ඇති තීරණය සඳහා ඉන්දියාවේ සහය ලබානොදෙන ලෙස ඉන්දීය ඩී.එම්.කේ පක්ෂය එරට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා යෝජනාවට සහය පළ කළ අමෙරිකාව මේ වන විට ඒ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් කළ යුතු බවට ප්‍රකාශ කර ඇති බව ඩී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇතැයි ඉන්දීය පි.ටී.අයි පුවත් සේවය අද(9) වාර්තා කළේය.

එම තීරණය ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට  අමෙරිකාව මීට පෙර දැරූ ස්ථාවරයට පටහැනි බව ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අමෙරිකා ස්ථාවරය සඳහා ඉන්දියාවේ සහාය ඉල්ලා සිටිය හැකි බව කරුණානිධි යොමු කළ ලිපියේ සඳහන්ය.

එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාවට ඉන්දියාව සිය සහයෝගය ලබාදිය යුතු බව කරුණානිධි නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 14 වැනිදා ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය.