කරුණාතිලක අමුණුගම කළුරිය කරයි


විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන කරුණාතිලක අමුණුගම මහතා අද(13) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 63වැනි වියේ පසුවූ ඒ මහතා ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

ඒ මහතා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර ඇති අතර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

අමුණුගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (15) සිදුකිරීමට නියමිතය.