කරාපිටියේ රෝහලේ කොරෝනා යැයි සැක රෝගීන් තිදෙනයි


(ජී ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් රඳවා සිටින විශේෂිත වාට්ටුවේ අද (23) සවස වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසික ව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් තිදෙනෙකු පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
මොවුන් තිදෙනා ම ශ්‍රී ලාංකිකයන් වන අතර දැනට විදේශිකයන් කිසිවෙක් මෙම විශේෂිත ප්‍රතිකාර නොලබන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් මේ වන විට නව කොරෝනා ආසාදිත බවට ස්ථිර වූ රෝගීන් මෙතෙක් හමු වී ඇත්තේ එක් රෝගියෙක් පමණි.
 
73හැවිරිදි එම රෝගියා මේ වන විට කොළඹ අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබයි.