කරාපිටියේ පාසලක සිසුවියක් පාසලේ උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා


(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

ගාල්ල විදුහලක සිසුවියක පාසලේ සිව් මහල් ගොඩනැගිල්ලකින්  බිමට වැටී බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ වරාය පොලිසිය පවසයි.

මෙසේ වැටී  ඇත්තේ විදුහලේ 9 වැනි  ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවියකි.

දුරකතන භාවිතය අවම කරන ලෙස ඇගේ  පියා නිවසේදි උපදෙස් දි ඇතැයි කියැවේ.

 අද උදේ 7.30ට පමණ තට්ටු හතරකින් යුත්  ගොඩනැල්ලේ ඉහළ මහලෙන් වැටී ඇති අතර 1990 ගිලන් රියකින් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඇය බිමට පැන්නේ දැයි  පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය කියයි.