කරාපිටියේ කොස්ගොඩ තාරක ඇතුළු පිරිස දමා ගිය රථය සොයා ගනී


 

 

අමල් වික්‍රමරත්න

 

මාතර ස්වර්ණාභරණ සලක් කොල්ලකෑමෙන් පසු වෙඩි වැදීමෙන් තුවාල ලත් කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා ගාල්ල කරාපිටිය රෝහල අසල දමා පලා ගොස් තිබු මෝටර් රථය සහ එය පැදවූ බවට සැකකරන පුද්ගලයෙක් අද (2) කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම රථය පැදවූ බවට සැකකරන කළුතර මොරගහහේන පොලිස් වසමේ තලගල භාවනා මධ්‍යස්ථාන පාරේ මඩපාතගේ කපිල කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයකු සහ අදාළ ඇල්ටෝ වර්ගයේ CAE 4706 දරණ වාහනය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මාතර කොල්ලයට මාස 4කට පෙර සිට කොස්ගොඩ තාරක ඇතුළු පුද්ගලයන් පිරිස අත්අඩංගුවට පත්  කපිල කුමාර යන අයට අයත් මෙම නිවස කුලියට ගෙන එහි සිට මෙම කොල්ලය සැලසුම් කර ඇතැයිද  මේවන විට පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම නිවසේ තිබී මෙම පුද්ගලයන්ට අයත් ජායාරූප සහ ඇඳුම් කිහිපයක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් වාහනයේ ලියාපදිංචි අයිතිකරු කපිල කුමාරගේ බිරිඳ බවටද මේවන විට තහවුරු කරගෙන ඇත.

 

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ