කරාපිටියේ හෘද උරස් කුහර ශල්‍ය නිර්වින්දන වෛද්‍යවරු වර්ජනයකට සුදානම්


 

(ජේ.කේ.එල් චාමින්ද /සුමතිපාල දියගහගේ)

හෘද සැත්කම් කිරිම සදහා  නිසි බලපත්‍රයක් නොමැති රිචඩ් පර්මින්  නැමැති එංගලන්ත ජාතික හෘද හා උරස්කුහර පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් කිරිම ආරම්භ කළහොත් හෘද හා උරස්  කුහර ශල්‍ය ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරුන් තම සේවා කටයුතු වලින් ඉවත්විමට එකමතිකව තින්දුකොට ඇති බැව්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්  වෛද්‍ය කේ.ටි  සමරරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් රැස්වි එකමතිකව මෙම තින්දුව ගත් බවද වෛද්‍ය සමරරත්න මහතා පවසයි.  මේ පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජේනරාල්වරයා , රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමයේ ලේකම්වරයා  රෝහල් අධ්‍යක්ෂකවරයා   හා  වෛද්‍ය සභාව වෙත ලිඛිතව දැනුම් දි ඇති බවද වෛද්‍ය සමරරත්න මහතා සදහන් කළේය. මෙම තිරණයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පුරණ අනුමැතිය ලැබි ඇති බවද සම ලේකම්වරයා පැවසිය.

ඔහු මේපිළිබද අදහස් දක්වමින් මේසේද කිවේය.

රිචඩ් පර්මින් නැමති හෘද ශල්‍ය වෛද්‍යවරයාට හෘද සැත්කම් කිරිම සදහා මෙරට වෛද්‍ය සභාව මගින් අනුමැතිය ලබා දි තියෙනවා.එයට අපේ දැඩි විරෝධය පළ කරනවා. මෙම වෛද්‍යවරයාට  හෘද සැත්කම් කිරිමට  එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් බලපත්‍රයක්  ලබාදිලා නැහැ.

2015 වර්ෂයේ සිට  ඔහු බලපත්‍රයක් නොමැතිව තමයි මෙරටට පැමිණ හෘද සැත්කම් කරන්නේ. මෙය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ඒ නිසා අපි හිතන්නේ මොහු කරාපිටියට පැමිණ හෘද සැත්කම් කිරිම  සිදු කිරිම එංගලන්තයේ නිතිය අනුව අපරාධමය කාරණාවක්.

ඒ නිසා  මොහු පැමිණි හෘද සැත්කම් කිරිම ආරම්භ කළහොත්. හෘද හා උරස්කුහර ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සේවා කටයුතු වලින් ඉවත් විමට තින්දු කර තියෙනවා.  යැයිද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්වරයා සදහන් කළේය.