(ජේ.කේ.එල් චාමින්ද සහ සසිරංගිකා ලොකුකරවිට)
එංගලන්ත ජාතික රිචඩ් පර්මින් නැමති හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට විරෝධය දක්වා හෙට (27) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරයා සිය සේවා කටයුතු වලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට තීන්දු කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය සංචිත සමරරත්න මහතා පවසයි.
අද (26) දින පෙරවරුවේදි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව රැස්වු බවද එහිදි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනිම සදහා කාරාපිටිය ශඛාවේ වෛද්‍යවරු එකමතික තීන්දු කළ බවද වෛද්‍ය සමරරත්න මහතා පැවසීය.
ඔහු මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කිවේය.
‘ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් නිකුත් කරන බලපත්‍රයක් නොමැති මෙම වෛද්‍යවරයා විසින් අද (26) දින කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් කරනවා.
මේ ගැන සාකච්ඡා කිරිම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරු රැස්වුණා.එහිදි තින්දුවක් ගත්තා හෙට දින රෝහලේ වෛද්‍යවරු සියලු දෙනා සේවා කටයුතු වලින් ඉවත්ව මෙයට විරෝධය දැක්විමට. මේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජේනරාල්තුමාට අපි ලිඛිතව දැනුම් දුන්නා. හෙට (27) උදෑසන කරාපිටිය ශඛාවේ වෛද්‍ය වරු රැස්වි තින්දුවක් ගන්නවා.මෙම වර්ජනය හෙට දිනය තුළ පමණක් ගන්නවාද නැතිනම් තවදුරටත් කරගෙන යනවාද කියලා.