උණවටුන ඩී.ජී.සුගතපාල
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පශ්චාත් මරණ පරික්ෂණ සඳහා යොමු කළ සිරුරු විස්සෙන් පහක්ම කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු බවට තහවුරු වූ බව කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතා පවසයි
කොරෝනා ආසාදිතව මියගොස් ඇති පස් දෙනා අතර භික්ෂුන්වහන්සේ නමක් වන බවද ඒ මහතා කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ කොහුල්වල ගංගාරාම විහාරස්ථානයේ 73 හැවිරිදි හිමි නමක්,ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්,අහංගම මිගහගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්,නියාගම තල්ගස්වල පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක් සහ මාතර පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

