(සිරංගිකා ලොකුකරවිට සහ ඩබ්ලිව් ප්‍රේමතිලක)
පැවැති අධික වාර්ෂාවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය උපකරණ ගබඩාව සහ අභ්‍යන්තර ඖෂධාගාරය ජලයෙන් යට වී ඇතැයි ආපදා කළමනාකරණ මහධ්‍යස්ථානය පවසයි.
රෝහලේ ඇතැම් වාට්ටු සංකීර්ණද ජලයෙන් යට වී ඇති අතර මේ හේතුවෙන් රෝගීහු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටිති. එමෙන්ම උපකරණ රැසක් ද ජලයෙන් යට වී ඇත.
රෝහල ආසන්නයේ පිහිටි කාණු පද්ධතිය අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබේ.