(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල් පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා දින කීපයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව මූලික විමර්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.