(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගින්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකර ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා වැළදුණු කුඩා දරුවන්ට දැඩිසත්කාරකවල ඉඩ කඩ ලබාදිම සදහා හදිසි නොවන ළමා සැත්කම් තාවකාලිකව නතර කිරිමට සිදුවු බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා මේ වනවිට ළමා දැඩි සත්කාරක ඒකකයේ කිසිදු තදබදයක් නොමැති බවද සදහන් කළේය.
දැනට ළමා දැඩි සත්කාරක ඒකකයේ ඉන්ෆලුවෙන්සා වැළදුණු දරුවන් දෙදෙනෙකු සිටින බව සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා එම දරුවන් ද අසාධ්‍ය තත්වයේ පසුවන දරුවන් නොවන බවද පැවසිය.
ළමා දැඩිසත්කාරක ඒකකයේ පැවති තදබදය නිසා වාට්ටුවල දි ප්‍රථිකාර කළ දරුවන් එහි ඉඩකඩ පවතින නිසා ළමා දැඩිසත්කාරක ඒකකයට ඇතුළත් කර ප්‍රථිකාර කරන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය සියයට හැටකින් පමණ පාලනය වි ඇති අතර පසුගිය සතිය තුළ කිසිදු මරණයක් වාර්තා වි නොමැති බවද රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සදහන් කළේය.
රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු, වාට්ටුභාර ,දැඩිසත්කාරක ඒකක හා හදිසි අනතුරු භාර විශේෂඥ වෛද්‍යවරුන් සමග කළ සාකච්ඡාවකදි මෙම කරුණු අනාවරණය වු බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළදිමෙන් වෙනත් පළාත්වලින් එන රෝගින් අඩුවෙලා තියෙනවා. රෝහලේ බාහිර රොගි අංශය මගින් ඉන්ෆලුවෙන්සා වෛරස් උණ රෝගින් හදුනා ගැනිම සදහා පරික්ෂණ කළා. නමුත් මේ වනවිට එසේ හදුනා ගන්නා රෝගින්ගේ සංඛ්‍යාව එක් අයෙකු දෙදෙනෙකුට සිමා වෙලා තියෙනවා. යැයිද රෝහල් අධ්‍යක්ෂක ජයම්ති සේනානායක මහතා සදහන් කළේය.