(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සති කීපයක් තිස්සේ ඇනහිටීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටළු මතුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙයට හේතුවි ඇත්තේ එම අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ඉවත් කරගත් පෞද්ගලික සමාගම මෙම කටයුත්ත නවතා දමා තිබීමයි. මෙම රෝහලේ සායනික අපද්‍රව්‍ය පුළුලූස්සා විනාශ කිරීම සඳහා ස්ථාපිත කර තිබූ දාහකයද ක‍්‍රියාවිරහිත වී වසර ගණනාවක් ගතවී තිබේ.
ඒ සඳහා අලුතින් දාහකයක් සවිකිරීමට සැලසුම් සකස් කර තිබු මුත් එයද මේ වනතෙක් ක‍්‍රියාත්මක තත්වයට පත්ව නැත.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයමිපති සේනානායක මහතාගෙන් අප කළ විමසීමේදි ඒ මහතා මෙසේ කීය.
‘සායනික අපද්‍රව්‍ය දැනට සති කීපයක් තිස්සේ ඉවත් නොකිරීම සත්‍යයක්. මේවා ඉවත් කලේ පෞද්ගලික සමාගමක් විසින්. ඒ සඳහා කිලෝවකට යම් මුදලක් ගෙව්වා. ඒ සමාගමේ යම් ගැටළුවක් හේතුවෙන් දැන් මේවා ඉවත් කරන්නේ නැහැ.
දැනට අපි මෙම අපද්‍රව්‍ය රෝහල් භූමියේම ගොඩ ගසා තිබෙනවා. මේ ආකාරයට වැඩි දවසක් කරන්න බැහැ. මේක සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වීමට ඉඩකඩ බොහෝයි. සාමාන්‍ය කසල නගර සභාවෙන් ඉවත් කිරීම සිදු කරණවා. ඒ ගැන ගැටළුවක් නැහැ. සායනික අපද්‍රව්‍ය පුලූස්සා විනාශ කිරීමට මෙම රෝහලේ දාහකයක් තිබුණා. ඒක දැන් ක‍්‍රියාවිරහිතයි. ඒකට අලුතින් එකක් සවිකිරීමට යෝජනා වුණා. නමුත් තවමත් ඒක ක‍්‍රියාත්මක තත්වයේ නැහැ. ඒකයි ගැටළුව වී තිබෙන්නේ‘