කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනනය අනිවාර්ය කරයි


(රංජන් කස්තුරි)

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32% කින් අඩුවී තිබෙන අතර විදුලි ඉල්ලුම 10% කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. 

මේ හේතුවෙන් අනිද්දා (02) සිට කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර භාවිතය අනිවාර්ය වන අතර එම ආයතන ජනනය කරන විදුලි ඒකකයකට රුපියල් 36 ක මුදලක් ලබා දෙන බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.