(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.
යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඔවුන් බ්‍රිගේඩියර් නිලයට මෙලෙස උසස් කර ඇති බව යුද හමුදාව කියයි.
ජුලි මස 30 වැනි දිනය බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම් ලැබූ නිලධාරීන් උසස් කර ඇති බවද හමුදාව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

