මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 11 දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ ගිරිතලේ සන්නද්ධ බුද්ධි හමුදා කඳවුරට රැගෙන යාමට නියමිත බව පොලිසිය පවසයි.
එක්නැලිගොඩ මෙම කඳවුරේ රඳවාගෙන සිටි බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම සැකකරුවන් කඳවුරට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

