හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් ඔවුන් සහභාගී වන දැයට කිරුළ ප්‍රදර්ශනයකට තම සහායක නිලධාරියා ලෙස මරාගෙන මැරෙන කොටියකු ගෙන යෑමට උත්සාහ කළ බව කියන යුද හමුදා හිටපු කර්නල් රංජිත් චන්ද්‍රසිරි (52) වරද පිළිගැනීමට සූදානම් බව නීතීඥ සාලිය පීරිස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට දැනුම් දුන්නේය.

