
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සෞඛ්‍යට අහිතකර, නරක් වූ මාළු කිලෝ 3000ක් කොළඹ සිට මන්නාරමට කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරන ලදී.
අදාළ මාළු තොගය ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් බවත්, විශාල මත්ස්‍යයින්ගේ කොටස්ද මේ අතර තිබූ බවත් පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් සුරේෂ් මහතා පැවසීය.
පුත්තලම නගරයේදී කැබ් රථය නවතා ඇති අතර, එහිදී මෙම කැබ් රථයෙන් පිටවූ අධික දුගඳ පිළිබඳව ජනතාව කඩිනමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කර තිබුණි. වහාම එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් කැබ් රථය පරීක්ෂා කර ඇත.
මේ අනුව කැබ් රථය පුත්තලම නගර සභා කසළ අංගනයට රැගෙන ගොස් බැරල් තුළ දමා තිබූ මත්ස්‍ය කොටස් හා නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ට ආසන්න ප්‍රමාණය විනාශ කෙරිණි.
මෙම නරක්වූ මසුන් කරවල සකසනු සඳහා රැගෙන යන බවත්, මත්ස්‍ය කොටස් සත්ත්ව ආහාර සැකසීමට ගෙන යමින් තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී එහි රියදුරා ප්‍රකාශ කර තිබුණි. සියල්ල විනාශ කිරීමෙන් පසු රියදුරා සහ කැබ් රථය දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කෙරුණි.
මෙම වැටලීම සදහා පුත්තලම නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා සමග කේ.එම්.යූ.ජී.ඒ.එන්.බී. දිසානායක, ජී.එම්.ඩී.මනෝජ් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව සිටියහ.




