(සුජිත් හේවාජුලිගේ)
මුහුදු කලාපය ආශ්‍රිතව කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් සොයා ගැනීමටද පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
විශේෂයෙන් බත්තලන්ගුණ්ඩුව, කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙලෙස ධීවර කටයුතුවලට යොදවාගෙන සිටින බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
වාරකන් හේතුවෙන් මේ දරුවන් ධීවර ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල රැඳී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විපරමින් සිටින ලෙස පොලීසියට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

