දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් මහතා 2006 නොවැම්බර් 10 වැනිදා කොළඹ , ඇල්විටිගල මාවතේ මාතා පාරේදී ඝාතනය කළැයි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර නිලංග සම්පත් මුණසිංහ නොහොත් ‘නේවි සම්පත්‘ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (29) නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක්ද ඔහුට නියම කෙරිණි. එම ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ තවත් පිරිසක් රිමාන්ඩ් භාරයේ පසුවෙති.

