(එම් .සුසිල් ප්‍රියන්ත)
කරන්දෙනියේ පුද්ගලයින් 323 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම පිරිසෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවූ බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදුසිංහ මහතා අද (24) පැවසීය .
ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පිරිසෙන් වැඩිදෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි සහ දෙස් විදෙස් සංචාරක හෝටල්වල සේවයේ නියතු අය බව වෛද්‍ය සුදුසිංහ මහතා කීය.
සිය බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර තිබෙන පිරිස පිළිබඳව සිය කාර්‍යාලයෙන් නිරතුරුවම සොයා බැලීම් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

