සිරංගිකා ලොකුකරවිට
කරන්දෙණියේ මඩකුඹුර ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය හා මෙරට නිෂ්පාදිත තුවක්කු හතරක් සහ අත්බෝම්බයක් ද ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විවිධ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් ලියැවුණු කොටි සංවිධානයේ ලාංඡනය සහිත පොතක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. .
ජීව උණ්ඩ 148ක් , ටී 56 වර්ගයේ මැගසින් එකක් සහ ජංගම දුරකථන හතරක් ද ඒ අතර තිබී ඇත. මෙම අවි ආයුධ සමඟ 37 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

