කරන්දෙණියට එස්.ටී.එප් කැඳවයි


කරන්දෙණිය නගරයේ ස්ථාන හතරකට ගිනි තැබූ පිරිස කුරුඳුගහහැතැප්ම නගරයේ කඩයකට ද ගිනි තබා ඇතැයි මඳ වේලාවකට පෙර ලැබුණු වාර්තාවක දැක්වේ. දොස්තර ප‍්‍රියංක ජයසිංහගේ ඝාතකයන් බවට සැක කැරෙන අයට අයත් මේ තැන් අතර ප‍්‍රධාන සැකකරුවන ව්‍යාපාරිකයාට අයත් ගෙවල් දෙකක් ද වෙයි. ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති අතර පොලිසිය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් කලබලකාරින්ට අනතුරු අඟවමින් සැරිසරයි.