(ඩී.ජී.සුගතපාල)
කරන්දෙණිය ප්‍රාදේශිය සභවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා මියගොස් ඇත්තේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් බවට පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්වේ.
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඒ මහතාගේ පපුවට වෙඩි උණ්ඩ හතක්ද හිසට එක් වෙඩි උණ්ඩයක්ද වැදී තිබූ බවයි. ඒ හේතුවෙන් ශරිරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවිමෙන් මරණය සිදුව ඇති බව එහි සඳහන්ය.
ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා සිකුරාදා (08)රාත්‍රි කොරකීන ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවි තවත් තිදෙනෙකු සමග ආපසු යමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි පළා ගොස් තිබිණි.
පසුව බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියාණි පොන්නම්පෙරුම මහත්මිය පැමිණ මුලික පරික්ෂණ පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවිමට නියෝග කලාය .ඒ අනුව සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි උත්පලා ගුණරත්න මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන ලදි