සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඇල්පිටිය උරගස්මංහදිය ප්‍රදේශයේ දී අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
සම්පත් මහතා තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පරීක්ෂාවලදී තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.