කරන්දෙණි සැකකරුවෝ රිමාන්ඞ් By None // 2011 නොවැ 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කරන්දෙණිය රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි කියන සැකකරුවනට පෙනී නොසිටින ලෙස ඉල්ලමින් දහසක් පමණ දෙනා බලපිටිය මහේස්ත‍්‍රාත් උසාවිය ඉදිරිපිට අද පැයක නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ. සැකකරුවන් වන චැනල් සේවා හිමිකරු කේ.ජී. චින්තක රුවන් ජයසේන, හමුදා කපිතාන් වයි.එච්. චන්දන වික‍්‍රමසිංහ, ඥාති සොහොයුරන් වන ලාන්ස් කෝප‍්‍රල් එස්.එච්. ජයලත් ද සිල්වා, සනත් ද සිල්වා හා ඞී. විජිත් ආනන්ද අද උසාවි රැගෙන එද්දී උසාවිය අවට දැඩි ආරක්‍ෂාව සලසා තිබිණි. බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.එන්. අබේගුණසේකර මහත්මිය විසින් ඔවුහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත