(මුදිතා දයානන්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කණු කරදියානට දැමීම නවත්වන්නැයි කැස්බෑව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් රණවක මහතා අද (28) නියෝග කළේය.
මීතොටමුල්ලේ ඇතිවූ ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් කසල මෙටි‍්‍රක් ටොන් 350 ක් පසුගිය 17 වැනිදා සිට 28 දින දක්වා කරදියානට දැමීමට කොළඹ නගරසභාවට ඉඩ දෙන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් 17 වැනිදා අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියට නියෝග කළේය.
එම නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉකුත් 26 වැනිදා ප‍්‍රදේශවාසියෙකු විසින් ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

