
(ටී.කේ.ජී.කපිල)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් කයිවාරු මුතු නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ආ අවස්ථාවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල , කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචි , 30 හැවිරිදි මොහු ප්‍රදේශයේ මිනීමැරීම් ගන්නාවකට සහ තවත් අපරාධ ගනනාවක විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකි.
මොහු ඉකුත් 2020.11.04 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබූ අතර , ඉන්පසුව එරට වැසියකු සමග ගැටුමක් ඇති කර ගෙන , එරට අධිකරණය මගින් වැරදිකරු වී , බන්ධනාගාර ගත වී සිටි අයෙකි.
පසුව එරට බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු , අද අලුයම 01.50 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර එවා තිබුණි.

