කමිසයත් නැතිව උසාවියට


මාදම්පාවිල අභයභූයේ ඉඩමක් අනවසරයෙන්  ගොඩ කරතියි ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කරමින් ඔවුන්ට පහර දුන්නැයි සැකපිට අම්බලන්ගොඩ ඩෙන්සිල් වැල්ලගේ ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

වැල්ලගේ ඔහුගේ නිවසින් අත්අඩංගුවට ගත් ආකාරයෙන්ම උසාවියට ඉදිරිපත් කැරිණි.

hemanta hemanta.jpg1