කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි


එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහත්වරු කමිටු සාමාජිකයෝ වූහ.අසාධාරණ තින්දුවලට හවුල් කරුවන් විය නොහැකියැයි මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පුවත්පත් සාකච්ජාවේදී පැවසිය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාව අද (7) පස්වරුවේ රැස්විය. අග විනිසුරුවරිය පැමිණ සිටියේ  නැත. ඇය නොයන බව කලින් දිනයේ කීවාය. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාවේ දැන් ඉතිරිව සිටිනුයේ ඔහු ඇතුළු රජයෙන් පත් කළ සාමාජිකයන් හත් දෙනා පමණී. එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලිකිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය කරයි.