(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)
කම්කරු අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණීමට අල්ලස් වශයෙන් රුපියල් අටදහසක් සහ රුපියල් දහසක් ඉල්ලා ලබාගත් බව කියන නුවරඑළිය සහ කල්මුණේ කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන ඇත.
එඩිම්බරෝවත්ත නානුඹය පදිංචි වෛද්‍යවරයකු විසින් කරන ලද පැමිණීල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ නුවරඑළිය කම්කරු කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරී එච්.ඞී.එස් වීරසිංහ සහ කල්මුණේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ කම්කරු නිලධාරී ටී.නිශාන්තන් යන අයවලූන්ය.
තමන් සේවය කළ වතුයායේ බෙහෙත් ශාලාවෙන් නෙරපීම සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරීවරයාට විරුද්ධව නුවරඑළිය කම්කරු අධිකරණයේ පවතින නඩුවකට අදාළව සාක්ෂිකරුවන් වූ මෙම කම්කරු නිලධාරීන් දෙදෙනා අදාළ නඩුවට පෙනී සිටිම සඳහා මෙලෙස අල්ලස් මුදල ඉල්ලා ඇතැයි පැමිණීලිකරු සිය පැමිණීල්ලෙන් දක්වා ඇත.
සැකකරුන් දෙදෙනා නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.