කම්කරු දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඉබිගමනේ


විනීතාඑම් ගමගේ

කම්කරු දෙපාර්තමේන්තුව සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර වසර 10 ක් ගතවී ඇතත් තවමත් එහි වැඩ නිම කර ගැනීමට හැකියාව ලැබී නැතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 

නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට යාව මහල් 28 කින් යුත් නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල් ගල් තැබුයේ 2008 වසරේ දීය. 

නව ගොඩනැගිල්ල ඉදිකරමින් යන අතර තුර කිහිප වරක් එහි වෙනස් කම් සිදු කළ බවත් ඉදි කර තිබු කොටස් කඩා ඉවත් කිරීම් ද කළ බවත් කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැලසුම වෙනස් කරමින් ඉදිකිරීම් කටයුතු කළ බවත් මේ නිසා පමාවක් සිදුවී ඇති බවත් හෙතෙම ස`දහන් කළේය. මේ වනවිට ගොඩනැගිල්ලේ සැකිල්ල පමණක් අවසන් කර ඇතත් ඉතිරි කොටස් ඉදිකර අවසන් කිරීම ස`දහා තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි සිතන බවද ඔහු පැවැසිය.