කම්කරු දෙපාර්තමේන්තුව සපයන සේවා තුනක් අත්හිටුවයි


කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සේවාවන් තුනක් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවීමට කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.වීමලවීර මහතා තීරණය කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයැදුම්පත් බාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් 30% ප්‍රතිලාභ අයැදුම්පත් බාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයැදුම්පත් බාරගැනීම එම සේවාවන් තුන වේ.

නව කොරෝනා වයිරසය ආසාදනය වන ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.