විනීතා එම් ගමගේ
මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
පෞද්ගලික අංශයට දැනට ක්‍රම දෙකකින් ලබාදෙන ප්‍රසූත නිවාඩුවේ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන සේවිකාවන්ට ලැඛෙන වැඩ කරන දින 84 ක ප්‍රසුත නිවාඩුව පඩි පාලක සභා ආඥාපනතින් ආවරණය වන සේවකයින්ටත් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම වැඩ බිම්වල දී සිදුවන අනතුරු වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 525000 ක වන්දි මුදල රුපියල් 10,50,000 ක් දක්වා වැඩි කිරීමටත්, එම මුදල රක්ෂණ ආවරණ්‍යකින් ගෙවීම සඳහා 15 දෙනෙකුට වැඩි සේවකයින් සිටින ආයතනවල සේවක රක්ෂණය අනිවාර්ය කිරීමටත් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
ළමා ශ්‍රමය තුරන් කිරීමට කටයුතු යොදන බවත් දැනට කම්කරු අමාත්‍යංශ්‍ය ළමයා යනුවෙන් අර්ථ දක්වන වයස වන අවුරුදු 14 ඉදිරියේ දී අවුරුදු 16 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කොට ඇතැයි සෙනෙවිරත්න මහතා පැවැසුවේය.
එමෙන්ම කොන්ත්‍රාත් ක්‍රමය නැති කිරීම පි‚ස රජයට කරුණු ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කම්කරු අමාත්‍යංශයේ අද (26) පැවැති සාකච්ඡාවක දීය. සමස්ත ලංකා කම්කරු විනිශ්චය අධිකාරී නියෝජිතවරුන්ගේ සංගමය හා අමාත්‍යවරයා අතර එම සාකච්ඡාව පැවැත්වි‚.

