කම්කරු දිනය වෙනස් කිරීමේ ගැසට් නිවේදනයක්


ආරියරත්න රණබාහු
 
ලෝක කම්කරු දිනය යෙදී තිබෙන මැයි පළමු වැනි දා වෙනස් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

මැයි පළමු වැනි දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස නම්කර තිබූ අතර වෙසක් සතියේ දී මැයි පෙළපාළි හා රැළි පැවැත්වීම ආගමික උත්සවයට බාධාවක් විය හැකි බැවින් එම දිනය වෙනත් දිනයක පවත්වන ලෙස මහානායක හිමිවරුන් රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව මැයි 7 වැනි දා මැයි රැළි හා පෙළපාළි පැවැත්වීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කෙරිණි.