කම්කරු දිනය කල් දැමුවාට පෙරටුගාමීන්ගේ විරෝධය


නිමල කොඩිතුවක්කු
 
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඞ නගන  ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට  රජය ගත් තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (28)  පැවසීය.

 
වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති ,  වාමාංශික පක්ෂ සමඟ එක්ව මෙම තීරණය  පරාජය කරන බවද ඔහු කීවේය.
 
බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.