(රංජිත් රාජපක්ෂ )
ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් අතර මැයි රැලිය අතරතුරදී අද (07) තලවකැලේ නගර මධ්‍යයේදී වරින් වර ඇති වු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට නුවරඑළිය පොලිසියට කැරලි මර්දන ඒකකය කැඳවිමට සිදු විණි.
තලවකැලේ නගර මධ්‍යයේ රැස්ව සිටි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් නුවරඑළිය නගරයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් තලවකැලේ නගරය හරහා බස් රථවලින් ගමන් කිරිමේදි දෙපාර්ශවය අතර මෙම උණුසුම් තත්ත්වය වරින් වර ඇති විය.
එම තත්ත්වය පොලිසියට පාලනය කර ගත නොහැකි නිසා නුවරඑළිය පොලිසියේ කැරලි මර්දන ඒකකය යොදවා එම තත්ත්වය පාලනය කිරිමට පොලිසියට සිදු විය.