(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ,ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම යන මහත්වරු මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
කබීර් හෂිම් සහ මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි බාරදී ඇති බව කොමිසමේ ආරංචි මාර්ගවලින් පැවසේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන් හමුවේ සිදු කෙරේ.
බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මුදල් අමාත්‍යංශයේ පැවැත්වු රැස්වීම් වලට කබීර් හෂිම් සහ මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ද සම්බන්ධ වූ බවට කොමිසම හමුවේ සාක්කි ඉදිරිපත් විය.
ඒ අනුව එම සිද්ධීන් පිළිබඳව සත්‍ය කරුණු හෙළිකර ගැනීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවා ඇතැයිද වාර්තා වේ.
මේ අතර පුත්තලම දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඊයේ (10) කොමිසම හමුවට කැඳවා ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත. හෙක්ටර් අප්පුහාමි මහතා ප‍්‍රශ්න ගත බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකළ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් දෙවැනි කෝප් කමිටුවේ සාමාජිකයෙක් විය.



