කපුවාගේ ගෙදරින් කඩු කිනිසි අල්ලයි


ඉන්දිකා රාමනායක 
 
කතරගම   කිරිවෙහෙර  රජමහා විහාරාධිපති  රුහුණු  මාගම්පත්තුවේ   ප්‍රධාන සංඝනායක  කොබවක ධම්මින්ද නාහිමියට වෙඩි තැබීම  කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන  අසේල බණ්ඩාර නැමැත්තා විසින් සිදුකර ඇති බවට දැනට සිදුකරණ පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

 
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලිදී මේ බව  අනාවරණය වී ඇති බවත් සැකකරු දැනට සිය ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
පොලිස් කණ්ඩායම් අද (13)  පස්වරුවේ සැකකරුගේ  නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ෂොට්ගන්  වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදන ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් හා කඩු දෙකක් පොලිස් බාරයට ගත් බව  ඒ මහතා වැඩිදුරටක් කීය.