දේව ශාන්තියක් කරගැනීමට මහනුවර, කෙන්ගල්ල දේවාලයකට ගිය එක්දරු මවක දේවාලයේ කාමරයකදී දූෂණය කළැයි සැකපිට කපුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැමියා සමග එහි ගිය එම කාන්තාව ශාන්ති කර්මයක් කරගැනීමට උපදෙස් ලබා ඇති අතර කාසි කිහිපයක් දී එම කාසි ගලායන දිය පහරකට දමන ලෙස සැමියාට දන්වා ඔහු පිටත් කර ඇති කපුවා කාන්තාව දූෂණය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇතැයි පොලිසිය පවසයි.

